ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සඳහා වන ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරපත් ක්‍රමය හැසිරවීම පුද්ගලික අංශයට පැවරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය(TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/FR/221/2024) අද දින (ජූලි 30) ගොනු කරන ලදී. මෙම ප්‍රසම්පාදනය සිදු කිරීමේදී අදාළ නිලධාරීන් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නැති බවත්, ඔවුන් වෙත පවරා ඇති මහජන විශ්වාසය අයුතු ලෙස භාවිත කර ඇති බවත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.
සංචාරක කර්මාන්තයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්‍ෂාවට බලපාන තීරණ ගැනීමේදී සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හිදී විනිවිදභාවයක් පවත්වා නොගැනීම සහ මාර්ගෝපදේශ නොපිළිපැදීම සැලකිල්ලට ගනිමින් මහජන සුබසිද්ධිය අරමුණු කර ගෙන මෙම පෙත්සම ගොනු කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14A වගන්ති යටතේ සහතික කර ඇති සමානාත්මතාවය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා පුරවැසියන්ට ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් සහ නිසි ක්‍රියා මාර්ග නොගෙනීම හේතුවෙන් උල්ලංඝනය වී ඇති බව පෙත්සමෙන් තර්ක කෙරේ.
මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා, ආගමන විගමන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, GBS Technology Services & IVS Global- FZCO, VFS VF Worldwide Holdings LTD, අමාත්‍ය මණ්ඩලය සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
දැනට උද්ගතව ඇති ප්‍රශ්නගත තත්ත්වයට තුඩු දී ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පෙත්සම ලැයිස්තුගත කරයි. ඒවානම්,
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වගඋත්තරකරුවන්ගේ නීති විරෝධී, අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රියාවන් හෝ අතපසුවීම් සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බව පෙත්සමෙන් කියා සිටියි.
සම්පූර්ණ පෙත්සම: https://www.tisrilanka.org/wp-content/uploads/2024/07/TISL-VFS-Petition-FINAL-30-7-2024-2-2.pdf
