සෞඛ්‍ය සේවිකාවන් රැය පහන් වනතුරා තෙල් පෝලීමේ (VIDEO)

අත්‍යාවශ්‍ය සේවය යැයි පවසමින් අනිවාර්යයෙන් සේවයට වාර්තා කල යුතු ය යන සංකල්පය මත සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේදී ඉන්ධන ලබාදෙන බවට ප්‍රසිද්ධ කිරීමත් එදිනට ඉන්ධන ලබා නොදීමත් තුල සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදා දින සිට සෙනසුරාදා වන තෙක් ඉන්ධන පෝලිමේ ගත කිරීමට සිදුවීම ශෝචනීයයි.

එයිනුත් කාන්තාවන්ටද පෝලිමේ රැය පහන් කිරීමට සිදු කර බලධාරීන් නිහඬය.

බලධාරීන්ගේ පාර්ශවය නියෝජනය කරන්නන්ට ප්‍රමුඛතාව ලබා ගැනීම උදෙසා පිරවුම්හල් වල ඉන්ධන තිබීයදී ද එය ලබා දීම වළක්වා පසු දින ඉන්ධන ලබා දීමට තීන්දු තීරණ ගැනීමත් පසු දින පැමිණ පෙර දින සිට පැවති ඉන්ධන පෝලිම වෙනස් කර තම කණ්ඩායමට ප්‍රමුඛත්වය ලබා ගැනීමට සැලසුම් සකස් කරන ලද්දේ අනෙකුන් විලි වසන නිසාවෙන් තමන් ද විලි වසන කණ්ඩායමක් බව පසක් කරමින

සෞඛ්‍ය රදා පවතිනුයේ Team work සංකල්පය තුල වැඩ කිරීම තුලය. නමුත් එයද දෙකඩ කර තම කාණ්ඩය පමණක් එගොඩ වී මෙම ජීවන සටනින් මිදිය හැකි යැයි සිතීමම කණගාටුවට කරුණකි.

දැඩි ආත්මාර්ථකාමී හැඟීම ඔස්සේ හති දමමින් දුවන මිනිසුන් අතර දිවි ගෙවන්නට සිදු වීම තුල අපහසුතාවයට පත්වන පීඩිතයා සෑම විටම බලධාරීන්ගේ ගොදුරක් පමණි.

අවසන දැනෙන එකම හැගීම වනුයේ ලේ ලබා දිය හැකි වුව මොළය ලබාදීම අපහසු බව බලධාරීන් පසක් කරන බව වටහා ගත යුතු බවයි.