හඬක් නැති ගැහැණු කරුමය - ලොව උතුම් රට කුඹුක්ගැටයේ

හඬක් නැති ගැහැණු කරුමය - ලොව උතුම් රට කුඹුක්ගැටයේ

නැත නැගුණු හඬ දිල්ලියේ

දසකයකටත් වැඩි පෙර දිනේ

ජ්‍යෝති මිය ගියත් නමින් “නිර්භය”

දූෂණය කළ පසු තිරිහන් සමූහය.

ඇය වැනිය කොටු වුනු බසයේ

මැයත් විඳි දුක් පැමිණි බසයේ

තිරිසනුන් නැත සිල් රකින්නේ

මුදාහැරි එක පෙළට රති සුව

මැයත් ඇත රෝහලේ සිහි නැතිව

ජ්‍යෝතිගේ නම කියනු ඇසුනේ

මහා භාරත වීදි පිරුණේ

දහම් දීපයෙ එහෙම නැහැනේ

තනිව පොර බැද ගෙව්ව කරුමේ

කතා නැත ගුරු දෙගුරු ලෝකේ

පිරිමි සිල්පද කඩන කරුමේ

නොදන්නා වැනි රටේ අරුමේ

ගැහැණු වැරදිය නොවිඳනා කරුමේ

ඇයත් තවකෙකි පෝලිමට හසුවුන

ගණන් නොකළත් ළමුන් කෙළසුණ

| කුසල් පෙරේරා

2023 ඔක්තෝම්බර 18