මේක අපේ පොඩි සටනක් - ලඟ එනවා මහ සටනක්

මේක අපේ පොඩි සටනක් - ලඟ එනවා මහ සටනක්

කොටුව දුම්රියපොල ඉදිරිපිට 2023.02.22 දින අසාධාරණ බදු පනතට එරෙහි  වෘත්තීය සමිති ඒකාබද්ධ විරෝධතා පිකට් උද්ඝෝෂණයේ සටන් පාඨ

1.            කාගෙද මේ        -           බලවේගේ

                වෘත්තිකයගෙ     -           බලවේගේ

                රට සුරකින        -           බලවේගේ

                ජනතාවගේ        -           බලවේගේ

2.            මොකක්ද මේ     -           විරෝදේ

                බදු පනතට         -           විරෝදේ

                පීඩනයට            -           විරෝදේ

                බදු පනතට         -           විරෝදේ

3.            ජනතාවට          -           කන්නත් නෑ

                බඩු මිල යයි       -           ඉහට උඩින්

                කහින්නවත්       -           විදියක් නෑ

                බදු ගහනව         -           හතර වටින්

4.            උපයන විට        -           බදු ගෙවන්න

                සාධාරණ           -           පනත් ගෙනෙන්

                වෘත්තිකයන්      -           එලවා දමලා

                රට හදනා          -           හැටි කියපන්

5.            සාධාරණ           -           බදු ගහපං

                ජනතාවට          -           සහන දියන්

                උද්ධමනෙට       -           වැට බැදපන්

                බුද්ධි ගලනෙ      -           නවත්තපන්

6.            බදු බර මහ        -           ජන හිස මත

                රජ සැප නම්      -           උන් හැම හට

                චංචා බොරු       -           රට හැම තැන

                තවමත් උන්       -           මන්දිරවල

7.            වෘත්තිකයන්      -           හූරන් කන

                බදු යෝජනා      -           හකුල ගනින්

                දේශපාලු           -           හොරාකාපු

                සල්ලි අරන්       -           රට හදපන්

8.            බැංකු හොරුන්   -           මහ පුටුවල

                බදු හොරු සැම   -           උන් වට කර

                කොම්පැනි රැක -           බදු මග හැර

                හොරු සැම රැක             -           රජ පුටුවල

9.            සීනි බද්ද           -           හොරා කාලා

                බැඳුම්කරෙන්     -           හොරා කාලා

                බදු වංචා            -           මගඩි කරලා

                මුලු රටක්ම        -           වලට දාලා

10.          බදු වැඩිකර        -           පටි හිර කර

                මාසේ පඩිය       -           තව අඩුකර

                ජන සේවය        -           අඩපණ කර

                උන් වැජඹෙයි    -           මහ පුටුවල

11.          ආණ්ඩුවක්         -           ආණ්ඩුවක්

                පොකට් ගහන    -           ආණ්ඩුවක්

                ආණ්ඩුවක්         -           ආණ්ඩුවක්

                හොරු රකිනා     -           ආණ්ඩුවක්

12.          බලවු බලවු        -           හොඳට බලවු

                මිනිස්සුන්ගෙ      -           කඳුළු බලවු

                දියව් දියව්          -           වහා දියව්

                මිනිස්සුන්ට        -           සහන දියව්

13.          ගිවිසුම අපෙ       -           වලට දමා

                පඩියම බදු         -           වලට කපා

                බෙල්ලට අපෙ    -           තොණ්ඩු දමා

                ජුවල් නටයි        -           මැති ඇමතිලා

14.          කන්නත් නෑ       -           බොන්නත් නෑ

                මිනිස්සුන්ට        -           බෙහෙතක් නෑ

                ඒ හැම දුක්         -           උන් හට නෑ

                ඒත් මුන්ට          -           තේරෙන් නෑ

14.          විකුණන් කන     -           සුත්තරේ

                විදුලි බිලේ         -           සාත්තරේ

                තෙල් වලටත්     -           හීන්සැරේ

                ජනතාවට          -           දුන්න බැටේ

15.          බැංකු පොලි       -           වැඩි කෙරුවා

                විදුලි බිලත්        -           වැඩි කෙරුවා

                ගෑස් තෙල්ද       -           වැඩි කෙරුවා

                ආණ්ඩුවයි          -           මග මරුවා  

16.          අපි යන්නේ       -           කොයි පාරේ

                රට රකිනා          -           අඩි පාරේ

                අපි යන්නේ       -           කොයි පාරේ

                රට රකිනා          -           හරි පාරේ

17.          මේක අපේ         -           පොඩි සටනක්

                ලඟ එනවා         -           මහ සටනක්

                බේද එපා           -           වාද එපා

                එකතු වෙලා       -           දෙමු සටනක්

ජන පීඩාකාරී බදු සංශෝධනයට එරෙහි සටනට ජයවේවා !

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව