කාගෙද මේ බලවේගේ - කම්කරුවගෙ බලවේගේ

කාගෙද මේ බලවේගේ - කම්කරුවගෙ බලවේගේ

චිකාගෝවෙ       -           බල කොටුවේ

හේමාකට්           -           චතුරස්රේ

කම්කරු ලේ       -           ගලා ගියේ

සිහි කරන්නෙ     -           දිනයයි ඒ

ලේ හලලා         -            දිවි පුදලා

කම්කරුවා         -           දිනු අයිතිය        

රැක ගන්නට       -           පෙරට එන්න

කම්කරුවනි        -           පෙරට එන්න

කාගෙද මේ        -           බලවේගේ

කම්කරුවගෙ      -           බලවේගේ

පොදු ජනතා       -           බලවේගේ

බලය අයිති         -           බලවේගේ

කම්කරුවනි        -  සටන් වදිමු

ගොවි ජනයිනි    -  පෙරට ඇදෙමු

තරුණ ශිෂ්‍ය       -  බලය සමග

අලුත් ලොවක්    -  දෙසට හැරෙමු

කන්න බොන්න -           ඉන්න නැතේ

ඉඩම් ටිකත්        -           ගසා කතේ

තුට්ටු දෙකම       -           හූරං කන

බඩු මිල යයි        -           රොකට් වගේ

හාල් පාන්          -           අඩු කරපං

උද්ධමනෙට       -           වැට බැඳපන්

හොරා කෑම        -           නවත්වපං

ජනතාවට           -           සහන දියං

දමව් දමව්           -           ඉහළ දමව්

අපේ වැටුප්         -           ඉහළ දමව්

ජීවන බර           -           දරාගන්න

හැකි වැටුපක්      -           ලබා දියව්

විදුලිය බිල         -           ඉහළ යතේ

ජනතාවට          -           සහන නැතේ

මුළු රටක්ම         -           ගිනි ගත්තත්

මුංට ඒව             -           වගක් නැතේ

ලංකාවම           -           උගස් කරල

ජනතාවම          -           ණය කරවල

ගත්ත ඩොලර්     -           හොරා කාලා

පාලකයෝ         -           සැප විඳිනවා

කාගෙද මේ        -           විරෝදේ

කම්කරුවගෙ      -           විරෝදේ

අධ්‍යාපනෙ         -           සුව සේවේ

විකුණනවට        -           විරෝදේ

බදු ගහපිය         -           ධනපතියට

සහන දියව්         -           ජනතාවට

හොරකං කර      -           රට පටවපු

ධනය ගෙනෙව්   -           යළිත් රටට

වරාය ටික          -           විකිණෙනවා

ඛණිජ තෙලුත්    -           විකිණෙනවා

ටෙලිකොම් සහ -  රක්ෂණයත්

විකුණන්නට       -           දත කනවා

IMF       -           කොන්දේසිය

කරයි රටම         -           වෙන්දේසිය

ජනතාවට           -           අරන් එන්නෙ

මර්දනයේ           -           සන්දේසය

ජනතාවගේ        -           පොදු දේපළ

මතු පරපුර          -           සතු දේපළ

විදස්වලට                       -           විකුණං කන

නතර කරව්        -           වෙන්දේසිය

ධීවරයට             -           ගොවි ජනයට

සහන දියව්         -           දිවි රැකුමට

සහතික මිල        -           අස්වැන්නට

ලබාදියව්           -           නියම කලට

මාධ්‍යයට           -           අත නොතබන්

විකල්ප මත        -           වඳ නොකරන්

පීඩිත මත           -           අහන් ඉඳින්

ජන මතයට        -           ගරු කරපන්

පොදු ජනතා       -           විරෝදේ

සීමා නැති          -           විරෝදේ

ඇවිලෙනවා       -           හතර අතේ

ආණ්ඩුවට          -           විරෝදේ

ඊ.පී.එෆ් -           ඊ.ටී.එෆ්

කම්කරුවට        -           අයිති මුදල්

ඩීල් දාලා           -           හොරා කාල

නැති නොකරව්   -           අපේ මුදල්

රෝහල්වල        -           බෙහෙත් නැතේ

බෙහෙත් මිලත්   -           ඉහළ යතේ

මහජනයා          -           මැරිල ගියත්

මුන්ට වගේ        -           වගක් නැතේ

එපා එපා -           නසනු එපා

ගහ කොළ වැල්  -           මරනු එපා

වන දියවැල්       -           වනසාලන

කැලෑ හොරුන්   -           යවමු අපා

භාෂණයට          -           ලේඛනයට

ඇති නිදහස        -           නැති නොකරව්

PTA      -           ATA

ත්‍රස්ත පනත්       -           හකුල ගනිව්

නීති කඩන         -           සිංගල් ලෝ

අයිති නසන        -           සිංගල් ලෝ

සූරාකන             -           සිංගල් ලෝ

ඉරාදමමු            -           සිංගල් ලෝ

වැඩ වැරුමට      -           ඇති අයිතිය

කම්කරුවගෙ      -           පරම අවිය

අධිකරණයෙ      -           විලංගුලන

නතර කරව්        -           ජඩ මර්දන

සිහල, දමිළ        -           යෝනක සැම

පවුලක් ලෙස      -           ඉඳිමු එකම

බේද කරලා        -           උන් කොටවන

පන්නා දමමු       -           පාලක රැළ

ජන මතයට        -           හිස නමපං

මැතිවරණය       -           කල් නොදමන්

අපිට කැමති       -           පාලනයක්

ඇති කරන්න      -           ඉඩ දීපං

අපිට ඕනි           -           රටක් රටක්

සතුට සැපත       -           විඳින රටක්

ණයට සින්න      -           නොවෙන රටක්

අපිට බලය         -           තියෙන රටක්

සටන් කරමු        -           සටන් වදිමු

ජනතාවනි          -           සටන් වදිමු

වැඩ කරනා        -           ජනතාවට

බලය තියෙන     -           රටක් හදමු

ලාංකේය කම්කරු ව්‍යාපාරයට ජයවේවා !

ලෝක කම්කරු ජනතාවට ජයවේවා !

(වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මාලිගාවත්ත පී. ඩී. සිරිසේන පිටියේ පැවැත්වූ මැයි දින පෙළපාලි යේ සටන් පාඨ - 2023)