හොරකම් කරලා දිව්‍යලෝකේ යන්න පුළුවන් අය ඉන්නේ සෞඛ්‍ය සේවාවේ විතරයි

හොරකම් කරලා දිව්‍යලෝකේ යන්න පුළුවන් අය ඉන්නේ සෞඛ්‍ය සේවාවේ විතරයි

අනවශ්‍ය පරීක්ෂණ නතර කිරීම සදහා, පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ 'සම්මත මෙහෙයුම් ක්‍රියාපටියක්' (SOP) නීතිගත කල යුතුයි. එමගින් රෝගීන්ට කිසිදු හානියක් නොකර, පරීක්ෂණ ප්‍රමාණය 1/3ක් පමණ අඩුකර ගත හැකියි.

බාල ප්‍රතික්‍රීයක ලියාපදිංචි ඒවා අතර තියෙන්න විදිහක් නෑ.

සාමාන්‍ය කොලිටියට එහා ගිය 'නිකේතන වෙළඳ පලට' (Niche Market) අපිව ඇදගෙන යන්නේ රෝගීන්ට හොඳක් කිරීමට වඩා ඇතැම් නිළධාරීන්ගේ සහ විශේෂඥයින්ගේ මඩි තර කර ගන්න.

එක රෝහලක විශේෂඥයෙක් 'මාර ශෝක්' කියන එකක්, අනිත් රෝහලේ, ඒ ජාතියේම විශේෂඥවරයා 'මාරම අප්සෙට්' කියන්නේ කොහොමද?. එහෙම කිව්වාම ඒක විශ්වාස කරන්න තරම් රෝහල් අධ්‍යක්ෂකවරු, සෞඛ්‍ය බලධාරීන් මන්ද බුද්ධික වෙන එක සමාන්‍ය තත්වයක් වෙන්නේ කොහොමද?

අවශ්‍යතාවයට අනූව ලියාපදිංචි ප්‍රතික්‍රීයක වලින් අඩුම එක තරඟකාරී මිලට ගැනීම අනිවාර්‍ය කල යුතුයි. ඒ හරහා ප්‍රතික්‍රීයක බිල 1/3ක් අඩු කල හැකියි.

අඩුම තරමින් රෝහල තුල තියන තාක්ෂණික පහසුකම් අතර තරඟයක් ඇති කිරීම ඉතා පහසුවෙන් කරන්න පුළුවන්කම තිබියදී, ඇතැම් ආයතන ප්‍රධානීන්, හා විශේෂඥයින් තරඟෙට පිට කහ ගනිමින්, සමාගම් වලට ඔවුන්වත් බලාපොරොත්තු නොවන ඒකාධිකාරයක් හදලා දෙමින් ඉන්නවා.

ආර්ථික අර්බුධයක් තිබුණාට, ඒ වෙණුවෙන් කිසිදු පරිපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඕලාරික පරිපාලකයන් බලාගෙන ඉන්නේ, වැටුප් කපලා, අතිකාල නවත්තලා, පෞද්ගලික අංශය පොහොසත් කරලා, තමන්ගේ පාඩුවේ ඉන්න.

සෞඛ්‍ය සේවයේ ඒ ඒ අංශ වල නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරු අන් කවරදාටත් වඩා අතිශය නිද්‍රාශීලී භාවිතාවක ඉන්නේ.

අඩුම තරමේ පාර්ශවකරුවන් එක්ක සාකච්ඡාවක් තියා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ නෑ.

ආර්තික අර්බුධය වෘත්තිකයින්ට, රෝගීන්ට ගැටළුවක් වුණාට, ප්‍රසම්පාදන කමිටුවල (PEC) ඉන්න, තාක්ෂණික ඇගයිම් කමිටුවල (TEC) ඉන්න, ටෙන්ඩර් මණ්ඩලවල ඉන්න ඇතැම් අයට ඒක ඉල්ලමක්. ඒ අයට ආර්ථික අර්බුධය 'බිස්නස් මොඩලයක්' කරගෙන ඉන්න නිසා, ගැටළුව වලට හොයා ගන්න පුළුවන් සරළ විසඳුම් පවා මග හරිනවා.

| රකුස්