ඒ මන්දැයි කවුරුන් හෝ අසන්නේ නම්, මගේ උත්තරය ඉතාම සරළ ය.
ආයතනික දූෂණ වංචා, අපතේ යැවීම්, අනවශ්‍ය වියදම්, අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගික අප ආයතන නඩත්තු කිරීමට බැඳී නැත.
ආණ්ඩුව මේ කරන මිල ඉහළ දැමීම් සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව කරන මිල සංශෝධනය කිරීම්ය. ඔවුන් ආණ්ඩුවට කියන්නේ මේ ආයතන තමන්ගේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් තමන්ගේ සේවා හා භාණ්ඩ සැපයුම් සඳහා මිල සංශෝධනය කළ යුතු යැයි කියා ය. ඒ ආයතනික වියදම ගණන් හැදෙන්නේ යෝධ දූෂණ වංචා, අපතේ යැවීම්, අනවශ්‍ය වියදම්, අකාර්යක්ෂමතා ආදිය නිසා වැය වෙන වියදම් වෙන්කර ගණන් හැදීමෙන් නොවේ.
එය තේරුම් ගැනීමට, මේ දූෂණ වංචා ගැන මඳක් සිතා බලන්න.
මේ එක සොයා ගැනීමකි. ඉකුත් ඉරිදා (පෙබරවාරි 26) සන්ඩේ ටයිම්ස් පුවත් පතේ “පෞද්ගලික ව්‍යාපාරයක් ලංවිමට විදුලිය අලෙවිකර රු.බිලියන 18.4 ක ලාභයක් ලැබූ” ප්‍රවෘත්තියෙන් කෙරෙන හෙළිදරව්ව අතිශය බරපතල කාරණාවකි.
එයට අනුව,
ඊට අමතරව පසුගිය මාසයේ දෙකේ විදුලිය හා බල ශක්ති ඇමති මාධ්‍යයට හා ඔහුගේ සමාජ මාධ්‍ය ජාල මෙවලම් මගින් හෙළි කළ තොරතුරු අනුව,
මේ කිසිවක් දූෂණ වංචා, අකාර්යක්ෂමතා, අපතේ යැවීම් ලෙස ගණන් හැදෙන්නේ නැත. මේවාද ලංවිම සාමාන්‍ය වියදම් ලෙස එකතුවන සමස්ථ වියදමේ රුපියල් බිලියන ගණන්ය. ඒ අනුව ඒවා පාරිභෝගිකයා දැරිය යුතු වියදම් වශයෙන් ඔවුහු විදුලිය ගාස්තු ඉහළ දැමීමේදී එකතු කරනු ලැබේ.
සිපෙට්කෝ ආයතනයේ ඉන්ධන මිල ඉහළ දැමීම් ගණන් හැදෙන්නේද එළෙසින්මය. දූෂණ හා වංචා, අකාර්යක්ෂමතා, නාස්තිය ආයතනික වියදම් ලෙස ගණන් හැදීමෙනි. එනිසා පෙට්‍රල් ලීටරයක් රුපියල් 400 ක් කෙරෙන්නේ දූෂණ හා වංචා, අකාර්යක්ෂමතා, නාස්තිය වැනි සියල්ලද ඇතුළත්වය.
දැන් අප පැහැදිලිව ඉර ගැසිය යුතුය. ලංවිම හා සිපෙට්කෝ පාඩු ලබන්නේ යැයි ඔවුන්ගේ දූෂණ වංචා, නාස්තිය, අකාර්යක්ෂමතා හා අපතේ යැවීම් වෙනුවෙන් මුදල් ගෙවන්නට අප සූදානම් නැතැයි ඉර ගසා කිව යුතුය. මේවායේ සියලු වියදම් දැන ගැනීමේ අයිතිය අපට ඇත.
එනිසා -
නැවත මිල සංශෝධන කිරීම් වලට පෙර මේවායේ සියලු වියදම් සවිස්තරව වහා ප්‍රසිද්ධ කළ යුතුයැයි ඉල්ලා සිටිය යුතුය.

| කුසල් පෙරේරා
2023 පෙබරවාරි 28
