වතු කම්කරු වැටුප රුපියල් 1000ට සාධාරණය ඉල්ලා සටනට (PHOTO)

estate-workers

අසාධාරණ කොන්දේසි පනවමින් වතු කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරමින් රුපියල් දහසේ වැටුප සාධාරණ ලෙස ගෙවීමට නොහැකි වූ වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් මේ වනවිට වතුකරයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

එහි තවත් අදියරක් ලෙස කොටගල ඩ්රේටන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ වතු හාම්පුතුන් විසින් හදිසියේ ඉහල නංවා ඇති දෛනිකව තේ දළු ප්‍රමාණය නෙළිමට නොහැකි වුවහොත් වැඩ කරන දින ගණන සීමා කරන බවට වතු කළමණාකරු විසින් ලිඛිතව දන්වා ඇති බවයි.

දිනකට එක් කම්කරුවකුට තේ දළු කිලෝ විස්සක ප්‍රමාණයක් නෙලීමට නොහැකි වුවහොත් සතියකට වැඩ කිරීමට ලබා දෙන්නේ දින තුනක් පමණක් බවට වතු කළමනාකරු විසින් කම්කරුවන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

දින හයක් සේවයේ යෙදීමට අවස්ථාව හිමි වන්නේ ඉලක්කය සපුරාලිය හැකි කම්කරුවන්ට පමණකි.

සාමාන්‍යයෙන් තේ නෙලන කම්කරුවෝ සතියකට දින හයක් සේවයේ යෙදෙති. ඉරිදා ඔවුන්ගේ විවේක දිනයයි.

රුපියල් දහස දක්වා ඉහළ දැමු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වතු හාම්පුතුන් විසින් මේ වන තෙක් ලබා දී නොමැති බව පවසන ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවන් පෙන්වා දෙන්නේ මේ වන තෙක් තමන්ට ලැබෙන්නේ රුපියල් 800 ක දෛනික වැටුපක් පමණක් බවයි.

වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත් වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස කප්පාදු කිරීමට විරෝධය දක්වමින් පසුගිය දින කිහිපය තුලම වතු කරයේ විරෝධතා දියත් කර තිබුනි.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන පරිදි දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර ගැසට් කිරීමට පෙර කොටගල ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවකු දිනකට නෙළිය යුතුව තිබුනේ තේ දළු කිලෝ 17 කි.

කොටගල ඩ්රේටන් වතුයාගේ ක්‍රීඩා පිටිය තුළ විරෝධතා දැක්වු තේ කම්කරුවන් ඉල්ලා ඇත්තේ වතු කළමණාකාරු වහාම වෙනත් ස්ථානයකට මාරු කර පඩිපාලක සභාව මගින් නියම කොට ගැසට් කර තිබෙන රුපියල් දහසේ වැටුප වහාම තමන්ට ගෙවන ලෙසයි.

වතු කළමණාකරු මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ වතු හාම්පුතුන් විසින් කම්කරුවෙක් දෛනිකව නෙළිය යුතු තේ දළු ප්‍රමාණය විස්සක් බවට තීරණය කර තිබෙන අතර එම ප්‍රමාණය දෛනිකව නෙලා ගැනීමට නොහැකි වුවහොත් වතු හාම්පුතුන්ට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවයි.

ඒ වෙනුවෙන් කොටගල ඩ්රේටන් වතුයාගේ කම්කරුවන් සහාය ලබා නොදෙන බවටත් ඔහු චෝදනා කර තිබේ.

This image has an empty alt attribute; its file name is estate-h.jpg

This image has an empty alt attribute; its file name is Manager.jpg

This image has an empty alt attribute; its file name is P1.jpg

This image has an empty alt attribute; its file name is P3.jpg

This image has an empty alt attribute; its file name is P4.jpg

This image has an empty alt attribute; its file name is P5.jpg

This image has an empty alt attribute; its file name is P6.jpg

This image has an empty alt attribute; its file name is 1-1.jpg