ගුරු සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ දී සුදුසුකම් සහිත සියලූ උපාධිධාරීන්ට අවස්ථාව ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ගුරු සේවය සඳහා සුදුසුකම් සහිත MN-04 වැටුප් තලයට අයත් සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් 2021.03.03 දින අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාව සම්බන්ධයෙනුත්, 2021.06.10 හා 2021.06.21 යන දින සහිත ලිපි මඟිනුත් ඉදිරිපත් කළ කරුණු හා බැඳේ.
2020 රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට අදාළව ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හා අදාළ පුවත්පත් නිවේදනය අනුව බඳවා ගැනීමට නියමිත උපාධිධාරීන් 60 000 අතුරින් ග්‍රාමීය පාසල් (පළාත් පාසල්) සඳහා පිරිසක් ගුරු සේවය සඳහා බඳවා ගන්නා බව නිශ්චිතව සඳහන් කර තිබුණි.
එමෙන්ම ගරු ඔබතුමා විසින් 2020.09.10 දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2019 අභ්‍යාසලාභී උපාධිධාරී පදනම යටතේ ජාතික පාසල් සඳහා අනුයුක්ත කළ සංවර්ධන නිලධාරීන් 534 දෙනෙකු ද අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබුණි.
ඒ අනුව 2021.03.30 දින අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා පැවති සාකච්ඡාවේ දී අපගේ ඉල්ලීම් වූයේ,
එම ඉල්ලීම් සඳහා 2021.03.30 දින පැවති සාකච්ඡාවේ දී අදාළ බලධාරීන් එකඟතාවයකට පැමිණි නිසා ඉන් අනතුරුව අප සංගමය අවධානය යොමු කරනු ලැබුවේ බඳවාගැනීමට නියමිත කොන්දේසි සම්බන්ධයෙනි.
60 000 කට ආසන්න ගුරු පුරප්පාඩු සඳහා විෂය සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පහත සඳහන් කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරනමෙන් ඉල්ලමු.
1999-2021 උපාධිධාරී අභ්‍යාසලාභී පදනම යටතේ බඳවාගත් මේ වන විට ස්ථිර සේවයේ හා අභ්‍යාසලාභී පුහුණුව යටතේ සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ දී වසර 03 ක ගුරු සහයකයින් ලෙස බඳවා ගැනීම හා වයස අවුරුදු 45 සීමාව යන කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතී නම් එම කොන්දේසි ඉවත් කර සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන මෙන් අප සංගමය ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.
