කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමට එරෙහි ඔස්ටේ‍්‍රලියාවේ විරෝධතා

කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමට එරෙහි ඔස්ටේ‍්‍රලියාවේ විරෝධතා

ඔස්ටේ‍්‍රලියානුවෝ දස දහස් ගණනක්  පසුගිය 15 වෙනි දින රට පුරා වීථිවල එරට කාන්තාවන් ලිංගික අපයෝජනයට හා හිරිහැරවලට ලක් කිරීමට එරෙහිව දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට මුල් වූයේ ඔස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව කාන්තාවන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ සිද්ධීන් පිළිබඳ චෝදනා ගණනාවක් පසුගිය කාලයේ එල්ල වීම හේතුවෙනි.
 
 මෙම කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ පාලක පක්ෂය දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. රජය මෙම ලිංගික අපයෝජන චෝදනාවන් සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරය ප‍්‍රමාණවත් නොවන බව විරෝධතාකරුවෝ ප‍්‍රකාශ කර සිටිති.