ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් කරවෙයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් කරවෙයි

ඔස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක් එරට ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී තිබේ.

පසුගිය 13 වනදා බටහිර ඔස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමාන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පසුගිය මාසයේ දී බටහිර ඔස්ට්‍රේලියාවෙන් විශාල ලැව්ගිනි ඇතිවීම් මීට හේතුවී ඇති බව වාර්තා වේ.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 13 වනදා පස්වරු 02:26ට මෙසේ ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තාව සමවූබව තහවුරු කර ඇත.

වසරේ මෙම කාලයේ දී ඔන්ස්ලෝහි සාමාන්‍ය උෂ්ණත්වය විය යුත්තේ  සෙල්සියස් අංශක 36.5ක් බව සඳහන් විය.