නිරෝධායන නීතිවලට එරෙහි රටවල් රැසක උද්ඝෝෂණ

නිරෝධායන නීතිවලට එරෙහි රටවල් රැසක උද්ඝෝෂණ

කැනඩාව , ස්පාඤ්ඤය හා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් පනවා ඇති නිරෝධායන නීතිවලට විරෝධය දක්වමින් උද්ඝෝෂණ ආරම්භකර තිබෙනවා.

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ සඳහා ජනතාව එක්ව සිටින ආකාරය මාධ්‍ය වාර්තා කළා. ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් පනවා ඇති නිරෝධායන නීති ඉවත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ආපනශාලා, කායවර්ධන මධ්‍යස්ථාන, සිනමාශාලා , ආගමික ස්ථානයන්හි ධාරිතාව ලබන 31 වනදා සිට 50% ක සීමාවේ තබාගත යුතු බවයි රජය නිවේදනය කරන්නේ.

මේ අතර ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවරද නිරෝධායන නීතිවලට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පැවැත්වෙනවා. එරට ජනගහනයෙන් 80%ක් පමණ එන්නත් ලබාගෙන ඇති බැවින් නිරෝධායන නීති ඉවත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.