ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා පකිස්ථානය පුරා උද්ඝෝෂණ

ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා පකිස්ථානය පුරා උද්ඝෝෂණ
ගොවි ගැටලුවලට විසදුම් ලබා නොදීමට එරෙහිව පකිස්ථානය පුරා ට්‍රැක්ටර් රථ යොදා ගෙන සිදුකරන උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

දිස්ත්‍රික්ක කිහිපයක ඊයේ ඇරඹුනු විරෝධතා ඉදිරි දින කිහිපය තුලදී රටපුරා ව්‍යාප්ත කරන බවයි එය සංවිධානය කරන පකිස්ථාන ජනතා පක්ෂය පවසන්නේ. මෙය පකිස්තාන පාර්ලිමේන්තුව දක්වා දිවෙන දැවැන්ත ට්‍රක් රථ පෙළපාලියක් බවට පත් කිරීම සංවිධායකයන්ගේ අරමුණ වී තිබෙනවා. පකිස්ථානයේ වත්මන් රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ ඇති දුර්වලතා හේතුවෙන් එරට ගොවි ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස් පවසනවා. තම නිෂ්පාදන සදහා නිසි මිලක් නොලැබීම,  පොහොර මිල ඉහළ යාම,  ජල හිගය වැනි ගැටලු සදහා පිළිගත හැකි විසදුමක් ලබාදීමට වත්මන් රජය අසමත් වී ඇති බවයි උද්ඝෝෂණයේ නිරත ගොවි පිරිස් පෙන්වා දෙන්නේ.