ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කරයි

ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කරයි
කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කළ ප්‍රථම යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබේ.
 
එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය නව යෝජනාවලට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඔස්ට්‍රියාව අනිවාර්ය එන්නත් කිරීමේ නියෝගයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
 
ඒ අනුව පෙබරවාරි 01 වනදා සිට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එසේම  මාර්තු මාසයේ මැද භාගයේ සිට පූර්ණ කොරෝනා එන්නත්කරණය නොලැබූවන්ට යුරෝ 3600 ක දඩයක් පැනවීමට ද ඔස්ට්‍රියා රජය සැළසුම් කර තිබේ.
 
මේ වනවිට එරට ජනගහනයන් සියයට 72 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත.  ඔස්ට්‍රියාවේ කොරෝනා එන්නත්කිරීමේ නීතිය අවම වශයෙන් 2024 ජනවාරි දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.