අමෙරිකාවේ අධික හිමපතනයෙන් ප්‍රාන්ත පහකට හදිසි තත්වයක්

අමෙරිකාවේ අධික හිමපතනයෙන් ප්‍රාන්ත පහකට හදිසි තත්වයක්

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත කලාපවලට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන් ප්‍රාන්ත පහකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ප්‍ර දේශ ආශ්‍රිතව වසර හතරකට පසු වාර්තා වූ වැඩිම හිමපතනය මෙයයි. අධික හිමපතනය නිසා ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් තත්වයක් ද ප්‍රකාහ කර තිබෙනවා. අධික ශිත කාලගුණය සහ දැඩි සුළං හේතුවෙන් සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. අද වනවිට නැගෙනහිර ප්‍රාන්තවල පමණක් ගුවන් ගමන් 6,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. ශීත කාලගුණය සමඟ ඇතැම් ප්‍රදේශවලට ඊයේ වනවිට අඩි දෙකකට වැඩි හිමපතනයක් සිදුව ඇති අතර, ලක්‍ෂයකට වැඩි නිවාස සංඛ්‍යාවකට විදුලිය ඇනහිට ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.