ඉහළ යන ජීවන වියදමට එරෙහි පැනමා හි විරෝධතා උග්‍ර අතට

ඉහළ යන ජීවන වියදමට එරෙහි පැනමා හි විරෝධතා උග්‍ර අතට

ඉහළ යන ජීවන වියදමට එරෙහිව, පසුගියදා පැනමා රාජ්‍ය තුළ ආරම්භ වූ විරෝධතා මේ වන විට ප්‍රචන්ඩකාරී ස්වභාවයකට ‍පත්ව තිබේ.

එරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන් ද මේ විරෝධතාවයට එක්වීම, මෙලෙස විරෝධතාව ප්‍රචණ්ඩකාරී වීමට හේතු වී ඇති බවයි, වාර්තා වන්නේ.

මධ්‍යම අමෙරිකානු රටක් වන පැනමා රාජ්‍යය තුළ නගර රැසකම මෙම විරොධතාව‍යන් ක්‍රියාත්මක වේ. ඉහළ යන ඉන්ධන සහ ආහාර මිල පාලනය කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් මාර්ග බාධක ඉදිකරමින් ගමනාගමනයට බාධා ඇති කර තිබේ. එරට රජය මේ සම්බන්ධ‍ව අවධානය යොමු කර තිබුණ ද සෑහීමට පත්විය හැකි විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි, වාර්තා වේ. ශීඝ්‍රයෙන් වර්ධනය වන උද්ධමනය හේතුවෙන් නම් කරන ලද ආහාර ද්‍රව්‍ය රැසකට පාලන මිලක් නියම කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. මෙසේ ජීවන වියදම පාලනය කිරීමට යම් යම් පියවර ගෙන තිබුණ ද විරෝධතාවයන් හී කිසිදු අඩුවක් නොමැති අතර පැනමාවේ උද්ධමනය පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව සියයට 3.3 කින් ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.