අධික උණුසුම නිසා යුරෝපයේ ලැව් ගිණි තත්ත්වයක්

අධික උණුසුම නිසා යුරෝපයේ ලැව් ගිණි තත්ත්වයක්

මේ දිනවල යුරෝපයේ රටවල්වට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිණි තත්ත්වයන් හටගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.එම රටවල ප්‍රදේශ කිහිපයක පැතිර යන ලැව් ගිණි මැඩපැවැත්වීමට ගිණි නිවන භටයින් සහ ආපදා සේවකයන් මහත් ප්‍රයත්නයක් දරණ බවයි පැවසෙන්නේ. 

අධික උණුසුම නිසා ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ ලැව් ගිනි හටගෙන තිබෙන අතර ඤ්ඤයේ සහ පෘතුගාලයේ අධික උෂ්ණත්වය හේතුවෙන් 281 දෙනෙකු මේ දක්වා මියගොස් තිබෙන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.මරණවලට හේතුව ලෙස දැක්වෙන්නේ, අධික තාපයට නිරාවරණය වීම සහ විජලන තත්ත්වය  බවයි, වාර්තා වන්නේ.

පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ විවිධ ප්‍රදේශවල ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතින අතර, දෙරටේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක්. ප්‍රංශයටද මෙම අධික උෂ්ණත්වය බලපා තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ 11,000 වැඩි පිරිසක් ප්‍රංශයේ නිරිතදිග කලාපයෙන් ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.