කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත‍යේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ලැව් ගින්න හටගෙන ඇති මරිපෝසා කලාපයේ පිහිටි යොසෙමිටී ජාතික වනෝද්‍යානයේ මේ වන විට අක්කයර දොළොස් දහසක් පමණ විනාශ වී ඇති බවයි.

මේවනවිට හය දහසකට අධික පිරිසක් ලැව් ගිනි පැතිර යන ප්‍රදේශවලින් ඉවත්කර ඇති අතර තවත් දෙදහසක් පමණ අවදානම් තත්වයේ සිටින බවයි, වාර්තා වන්නේ. අවදානම් කලාපවල පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් 400ක් පමණ යොදවනු ලැබ සිටිනවා.

ඊයේ රාත්‍රිය වන විටත් ලැව් ගිනි මැඩපැවැත්වීමට අපොහොසත් වී ඇති බවයි, ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. අමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවලට බලපා ඇති අධික උණුසුම් තත්වය හා දේශගුණික විපර්යාස හේතුවෙන් ලැව්ගිනි පැතිරීම තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.