පකිස්ථානයේ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමක

පකිස්ථානයේ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමක
වෛද්‍ය උපකරණ සහ ඇඳන් ඇතුලු පහසුකම් හිඟය හේතුවෙන් පාකිස්ථානයේ රෝගීන් සහ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්ව තිබෙන බව විදෙස් පුවත් සඳහන් කරයි.
 
එම වාර්තා පෙන්වා දෙන පරිදි පාකිස්ථානයේ නගර ගණනාවක මේවනවිට මාතෘ වාට්ටු සහ ළදරු ඒකක පිරීගොස් තිබෙන අතර එක් ඇඳක ළදරුවන් හතර දෙනෙකු පමණ සිටින තත්වයක් උද්ගතව තිබේ.
 
ගර්භනී වාට්ටුවල ද එක් ඇඳක මව්වරුන් දෙදෙනෙකුට වඩා සිටින අවස්ථා පවතින අතර 1998 වසරෙන් පසු පාකිස්ථානයේ ළදරු ඒකක මෙන්ම රෝහල් පහසුකම් පුළුල් කිරීමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති තත්වයක් තුළ වර්තමානයේ මෙම අර්බුදකාරී තත්වය උද්ගතව ඇති බවයි සඳහන් වෙන්නේ.