ලැව් ගිනි නිසා උතුරු කැලිෆෝනියාව උණුසුම්

ලැව් ගිනි නිසා උතුරු කැලිෆෝනියාව උණුසුම්

උතුරු කැලිෆෝනියාවේ ප්‍රදේශ ගණනාවකට ලැව් ගින්නකින් බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

උතුරු කැලිෆෝනියාවේ රාජ්‍ය බලධාරීන් විසින් එරට වෙසෙන 7000කට අධික වැසියන්හට පදිංචි ස්ථානවලින් කඩිනමින් ඉවත්වන ලෙස නිවේදනය කර තිබෙන අතර හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත වාර්තා කරන ලෙසත් දැනුම්දී තිබේ.

මෙම ලැව් ගිනි වීඩ්” නගරයට උතුරින් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ වී තිබෙන අතර පැයට කිලෝමීටර 58ක පමණ වේගයෙන් හමා යන සුළං ප්‍රවාහයත් සමග ගින්න සෙසු ප්‍රදේශ කරා වේගයෙන් පැතිර යමින් පවතින බව බලධාරින් පෙන්වා දෙයි.

ගින්නට හසුවීමෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, 7500ක් පමණ වූ පදිංචිකරුවන්ට බලධාරීන් දැනුම් දී ඇත්තේ, එම ප්‍රදේශවලින් කඩිනමින් ඉවත් වන ලෙසයි. ගිනි නිවන භටයින් 200ක පමණ පිරිසක් තත්වය පාලනය කිරීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. වර්ග කිලෝමීටර 3 දශම 6ක පමණ භූමි ප්‍රදේශයක් මේ වන විට ගින්නෙන් විනාශ වී ගොසින්.