ගුවන් ගමන් 800ක් කොට උඩ-ජර්මනියේ වාර්තාගත වර්ජනයක්

ගුවන් ගමන් 800ක් කොට උඩ-ජර්මනියේ වාර්තාගත වර්ජනයක්
වඩා හොඳ වැටුපක් ඉල්ලා ගුවන් නියමුවන් වර්ජනය කිරීම නිසා ජර්මනියේ නිල ගුවන් සේවය වන ලුෆ්තන්සා ගුවන් සේවයේ ගමන් වාර 800 ක් අවලංගු කිරීමට සිදු වී තිබේ.
 
ජර්මනියේ විශාලතම ගුවන් යානා සමූහයේ ගුවන් නියමුවන් මෙසේ වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමෙන් මගීන් ලක්ෂයකට අධික පිරිසක් අපහසුතාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
 කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය නිසා ජර්මනියේ මියුනිච් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළට ගමන් වාර 800ක් අවලංගු කිරීමට සිදුවීමෙන් ඇති වූ පාඩුව මෙතෙක් ගණන් බලා නැත.