කැනඩාවේ පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් මරුට

කැනඩාවේ පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් මරුට
කැනඩාවේ සස්කචේවාන් ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කළ සැන්ඩර්සන් සහෝදරයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුර පොලීසියට හමුවී තිබේ.
 
අනෙක් පුද්ගලයා විසින් ඔහුව ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.    
 
පසුගිය ඉරිදා සැන්ඩර්සන් සහෝදරයින් විසින් පිහි ප්‍රහාර එල්ලකරමින්   පුද්ගලයින් 10 දෙනෙකු ඝාතනය කර තවත් 18 දෙනෙකු තුවාල සිදුකර තිබුණි.
 
මෙම සිදුවීම මෑත ඉතිහාසයේ කැනඩාවේ වාර්තාවූ දරුණුතම ඝාතන සිද්ධිය ලෙස සැලකෙයි.