චීනයේ ශ්‍රම වෙළෙඳපල දැඩි අර්බුදයක

චීනයේ ශ්‍රම වෙළෙඳපල දැඩි අර්බුදයක

චීනයේ තරුණ ප්‍රජාව ගැටළු රැසකට මුහුණපා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආර්ථික වර්ධනයේ පසුබෑමත් චීනයේ රැකියා වියුක්තිය ඉහළයෑමත් ඊට හේතුවී තිබේ.

එමෙන්ම අඩු වැටුප් සහිත රැකියා අහිමිවේයැයි පවතින බිය හේතුවෙන් සමාජ තලයේ පිළිගත් උසස් රැකියාවන් සොයාගැනීම සඳහා චීනයේ තරුණ තරුණයින් මේ වනවිට පෙළඹී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන සමාගම් මේ වනවිට අන් කවරදාටත් වඩා වෘත්තීය නිපුණත්වයෙන් යුත් පිරිස් අපේක්ෂා කරමින් සිටීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

වෘත්තීය සුදුසුකම්වලට සාපේක්ෂව අධ්‍යාපන සුදුසුකම් සොයා යාමට චීනයේ තරුණ ප්‍රජාව නැඹුරුව සිටීම හේතුවෙන් ද එරට ශ්‍රම වෙළෙඳපොළ තුළ දැඩි අර්බුදයක් නිර්මාණයවෙමින් ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.