ප්‍රබල භූ කම්පනයකින් චීනයේ නගරයක් සෙලවෙයි

ප්‍රබල භූ කම්පනයකින් චීනයේ නගරයක් සෙලවෙයි

චීනයේ සිෂුවාන් ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.6ක් ලෙස සටහන් වී ඇති බව ය.

කිලෝ මීටර් 10ක් ගැඹුරින් මෙහි අපිකේන්ද්‍රය පිහිටා තිබිණි.

කොරෝනාවෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සිෂුවාන්හි චෙංඩු නගරයේ වැසියන් මිලියන 21කට නිවසින් බැහැරට නොයන ලෙස නියෝග කර තිබූ අවස්ථාවක මෙම භූ කම්පනය සිදු විය.

භූ කම්පනයෙන් පසුව විදුලි බලය සහ දුරකතන සම්බන්ධතාවලට ද බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.