ලිබියාවේ ජල ගැලීම්වලින් දහස් ගණනකගේ ජීවිත අහිමි වෙයි

ලිබියාවේ ජල ගැලීම්වලින් දහස් ගණනකගේ ජීවිත අහිමි වෙයි

දරුණු කුණාටුවක් හේතුවෙන් හටගත් විනාශකාරී ජල ගැලීම් හේතුවෙන් නැගෙනහිර ලිබියාවේ 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තවත් දහස් ගණනක් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිබියාවේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට පවසන ආකාරයට මෙම දරුණු ජල ගැලීම් හේතුවෙන් මියගිය පිරිස තවත් කිහිප ගුණයකින් වැඩි වීමේ අවදානමක් පවතින බව විශ්වාස කරන බව මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

‘ඩෑනියෙල්’ නමැති කුණාටුව කඩා වැදීමත් සමගම නැගෙනහිර ලිබියාවේ දරුණු ජල ගැලීම් හටගෙන මෙම ජීවිත හා දේපළ හානි සුව ඇත.