ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් විශාල පිරිසක් මරුට

ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් විශාල පිරිසක් මරුට

ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ හමාස් අන්තවාදීන් අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් මේ වන විට දේපාර්ශවයේ සිවිල් වැසියන් 1200කට වැඩිපිරිසක් මියගොස් ඇති අතර, 2000කට වැඩි පිරිසක් ත්‍රවාල ලබා ඇති බවත් විදේස් මාධ්‍ය වාර්තා කැරයි.

මෙම ප්‍රහාරවලට මැදිව සිටි ශ්‍රී ලංකික කාන්තාවක් මරණයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරන අතර, විදේශිකයින් පිරිසක් හා මාධ්‍යවේදීන් කිහිපදෙනකුද ඒ අතර සිටින බව වාර්තා වේ.

මේ වන විට ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරය වටකරමින් සිටින බවත්, එහි ජීවත්වන වැසියන්ට ජලය, ආහාර හා ඖෂධ සපයන මාර්ග වසා ඇති බවත් පලස්තීන වැසියන් එමගින් දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව ඇති බව විදේස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.