වර්ජිත ද. කොරියානු වෛද්‍යවරුන්ට එරෙහිව නීති පියවර

වර්ජිත ද. කොරියානු වෛද්‍යවරුන්ට එරෙහිව නීති පියවර

දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතව සිටින දහස් සංඛ්‍යාත දකුණු කොරියානු කණිෂ්ට වෛද්‍යවරුන් වහා සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් වෛද්‍ය බලපත් අහෝසි කිරීමටත් දකුණු කොරියානු රජය විසින් තීරණය කර තිබේ.

දකුණු කොරියානු රෝහල්වල රෝගී ප්‍රතිකාර කටයුතු හා සැත්කම් අඩාල වන අයුරින් වර්ජනයක නිරතව සිටින කණිෂ්ට වෛද්‍යවරුන් දස දහස් ගණනක පිරිසක් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටී.

(divaina)