කුවේට් ඇඳිරි නීතිය -මොනවද ඔබ දැනගත යුත්තේ?

කුවේට් ඇඳිරි නීතිය -මොනවද ඔබ දැනගත යුත්තේ?
කුවේටය තුළ කොරෝනා ආසාදිතයින් සීඝ්‍ර ලෙස වැඩිවීම නිසාත් එය පාලාය කිරීමේ අරමුණින් 2021 මාර්තු 7 සිට පස්වරු 5 සිට අලුයම 5 දක්වා මාසයක අර්ධ ඇඳිරි නීතිය පැනවීමට කුවේට් රාජ්‍ය බලධාරීන් පසුගියදා කටයුතු කරන ලදී.
 
ඇඳිරි නීතිය පවතින කාලය තුළ, ෆාමසි, වෛද්‍ය වෙළඳසැල්, සමුපකාර සමිති සහ සුපිරි වෙළඳසැල් බෙදා හැරීමේ සේවා හරහා පමණක් ක්‍රියාත්මක වෙයි.
 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ යාච්ඥා  කිරීම සඳහා පල්ලිවලට යාමේ අවස්ථාව ලබා දී තිබෙන අතර කුලී රථ සේවා භාවිතා කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙකු පමණක් ගමන් කළයුතු බවත් නිවේදනය කර ඇත.
 

ඇඳිරි නීති පාස් ලබා ගත හැක්කේ කෙසේද?

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේලාවේදී යම් අත්‍යාවශ්‍ය කාරණයක් සඳහා නිවෙස්වලින් බැහැර වීමට අවශ්‍ය නම් https://curfew.paci.gov.kw/request/create යන ලින්ක් එක හරහා ඇඳිරි නීති පාස් එකක් ලබා ගැනීමේ හැකියි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍යවරුන්ගේ පැමිණීම, රුධිර පරිත්‍යාග, COVඓඪ්-19 හුවමාරුව සහ COVඓඪ්-19 එන්නත් අවශ්‍ය අයට මෙම අවසර පත්‍රය ලබා ගත හැකිය.


ඇඳිරි නීති කාලය තුළ සමූපකාර භාණ්ඩ බෙදා හැරීම

ඇඳිරි නීතිය යටතේ, සමුපකාර, සිල්ලර වෙළඳසැල් සහ වෙනත් වෙළඳපලවලට බෙදා හැරීමේ සේවා ලබා දීමට අවසර දෙනු ලැබේ. එහිදී අවශ්‍ය බඩු භාණ්ඩ ඇණ්වුම් කිරීමේ හැකියාව තිබෙන අතර පහතින් දැක්වෙන්නේ එම ස්ථානවල වට්සැප් ලැයිස්තුවයි. එම ස්ථාන භාණ්ඩ බෙදා හැරීමත් ඒවා බෙදා හරින දින ආදියත් තීරණය කිරීමේ වගකීම දරනු ලබයි.

  • Omariya Co-op -WhatsApp 6041-0067
  • Farwaniya Co-op - WhatsApp 6767-8211
  • Qairawan Co-op - WhatsApp 9000-3749
  • Jahra Co-op - WhatsApp 5160-2458
  • Abdulla Al-Mubarak Co-op - WhatsApp 6066-6338
  • Nuzha Co-op - WhatsApp 9784-5531
  • Khaitan Co-op - WhatsApp 6777-9745
  • Ardhiya Co-op - WhatsApp 6902-0779
  • Rabiya Co-op - WhatsApp 2438-8316
  • Wafra Farm Co-op - Tel: 9883-5245 / 5170-0085
  • Salmiya Co-op - Tel: 22253225
  • Jabriya Co-op - Tel: 1805-353 / WhatsApp 6566-6084
  • Rawdha & Hawally - hatsApp 9662-2883
  • Shaab Co-op - WhatsApp 9090-4455
  • Wafra Co-op - WhatsApp 5055-0539
  • Keifan Co-op - WhatsApp 5178-1719
  • Rehab Co-op - WhatsApp 9222-2358
  • Mishref Co-op - WhatsApp 5055-9900
  • Faiha Co-op - Tel: 1861-000 / WhatsApp 9098-6000
  • Rumaithiya Co-op - WhatsApp 6066-0045
  • Bayan Co-op - WhatsApp 9004-2500
  • Fahaheel Co-op - WhatsApp 5178-9951
  • Adan & Qusour Co-op - Tel: 5034-3111 / 6593-3975
  • Salam Co-op - WhatsApp 9788-7832