දකුණු කොරියාව බලා මේ වසරේ දෙවන කණ්ඩායමත් පිටත්වෙයි

දකුණු කොරියාව බලා මේ වසරේ දෙවන කණ්ඩායමත් පිටත්වෙයි

දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ (2022.01.25) දින දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුලත් වෙති.ඉන් ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනකු හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනකු ඇතුලත් විය.

දකුණු කොරියාවේ රැකියා සදහා 89 දෙනකුගෙන් සමන්විතපළමුවන කණ්ඩායම පසුගිය 04 බදාදා පිටත්ව ගියේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීම හේතුවෙන්, මේවනවිට කොරියාවේ රැකියා සදහා ගිවිසුම් ලැබිම ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසය තුල පමණක් 169 දෙනකු දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගොස් ඇත.

2021 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සදහා 1427 දෙනකු පිටවගොස් ඇත.