ලෙබනනයේ කඩා වැටුනු ගොඩනැගිල්ලක ලාංකික කතක් සිරවෙයි

ලෙබනනයේ කඩා වැටුනු ගොඩනැගිල්ලක ලාංකික කතක් සිරවෙයි

ලෙබනන් හි කඩාවැටුණු ගොඩනැගිල්ලක ශ්‍රී ලාංකික කාන්තාවක් සිරවී ඇති බව එරට තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකල විමසීමකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙලෙස සිරවී ඇති පිරිස මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවය.

 ලෙබනන් හි Mansourieh ප්‍රදේශයේ සත්මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී තිබෙන අතර මෙම ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වනවිට එහි 5 දෙනෙකු සිරවී ඇති බවටය.