සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් සඳහා අවබෝධතා ගිවිසුමක්

සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් සඳහා අවබෝධතා ගිවිසුමක්

සංක්‍රමණිකයන්ට, නැවත මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන අයට විදේශ රටවල සංචාරය කිරීමේදී, රැකියාවේ නිරත වීමේදී සහ ජීවත් වීමේදී මුහුණ දීමට සිදු වන අවදානම් සහ අභියෝග අවම කර ගැනීම සඳහා අවබෝධය ඇතිව තීරණ ගැනීමට හැකියාව ලබා දෙනු පිණිස, ප්‍රමාණවත්, කාලෝචිත හා විශ්වාසදායක තොරතුරු සහ මග පෙන්වීම් ලබා දීම සඳහා නැගෙනහිර පළාතේ සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සහාය වීමට නවසීලන්ත රජය විසින් සිය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, නවසීලන්තයේ ව්‍යාපාර, නවෝත්පාදන සහ රැකියා අමාත්‍යාංශය හරහා සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නවසීලන්ත ඩොලර් 350,000ක ප්‍රදානයක් ලබා දීමට එරට රජය එකඟ වී තිබේ.

යෝජිත මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා නවසීලන්තයේ සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ මෙරට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.