ඊශ්‍රායලයේදී අතුරුදන් වූ යටවර ප්‍රාණ ඇපකරුවන් අතර සිටිය හැකි බවට සැකයක්

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ යටවර ප්‍රාණ ඇපකරුවන් අතර සිටිය හැකි බවට සැකයක්

හමාස් සටන්කාමීන් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයෙන් පසුව අතුරදන් වී සිටින ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන සුජිත් බණ්ඩාර යටවර මහතා හාමාස් සටන්කාමීන් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටීමට ඉඩක් තිබෙන බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට සහ  සුජිත් බණ්ඩාර යටවර මහතාගේ පවුලේ සාමාජිකයන්ට මේ පිළිබඳව දැනුම් දී ඇතැයි තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.එසේම ඊශ්‍රායල පොලිසිය හඳුනා නොගත් මළ සිරුරු වලින් ලබා ගත් ඩී.එන්.ඒ සාම්පල යටවර මහතා ගේ දරුවන්ගෙන් ලබා ගත් ඩී.එන්.ඒ සාම්පල සමඟ ගැලපීමක් තිබෙනවා දැයි විමර්ශනය කරමින් සිටින බවද තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මුලින් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 222 ලෙස සටහන් වූවත් නව යාවත්කාලීන කළ තොරතුරු වලට අනුව අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 239 ක් බවද තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.එසේම මේ වන විට ප්‍රාණ ඇපකරුවන් 4 දෙනකු හමාස් සංවිධානය නිදහස් කර ඇති බව තානාපතිවරයා පැවසුවේය.

එවන් පසුබිමක් තුළ සුජිත් බණ්ඩාර යටවර මහතා බේරා ගැනීම සඳහා ඊශ්‍රායල රජය සහ සියලුම පාර්ශ්ව සමඟ එකතු වී කටයුතු කරන බවද තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.