ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින් පිරිසකට වසර එක හමාරකින් වැටුප් නෑ

ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින් පිරිසකට වසර එක හමාරකින් වැටුප් නෑ

ජෝර්දානයේ සහබ් ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ශ්‍රී ලාංකිකයින් 350කට ආසන්න පිරිසකට වසර එකහමාරක පමණ කාලයක සිට වැටුප් ලබානොදීම හේතුවෙන් ආහාර හෝ සපයාගත නොහැකිව දැඩි අසීරුතාවට පත්වී සිටින බව වාර්තා වෙයි.

ඔවුන් පවසන්නේ තානාපති කාර්යාලය දැනුවත් කළද කිසිදු සොයා බැලිමක් සිදු නොකරන බවයි.

ඒ අනුව ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ  ජීවිත හානි සිදුවීමට පෙර තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

ඔවුන් විසින් ජංගම දුරකථනයක් මගින් කළ කෙටි වීඩියෝවකින් මෙසේද, පවසා තිබුණා.

“අපට දැන් අවුරුදු එක හමාරක් තිස්සේ කිසිම වැටුපක් ගෙවලා නෑ. කන්න නෑ වතුර නෑ. අසනීප තත්ත්වයෙන් පෙළන අයත් සිටිනවා. ඒ් අයගෙ ලෙඩට දුකට බෙහෙත් ටිකක් ගන්නවත් විදිහක් නෑ. අපි ගැන හොයල බලන්න කවුරුත් නෑ. මෙහේ තානාපති කාර්යාලයට දැනුම්දුන්නත් මෙතෙක් කිසිම සහනයක් ලැබුණේ නෑ”