නව වසරේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට පිටව යයි

නව වසරේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට පිටව යයි

2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනෙකු අද දින UL 470 දරණ ගුවන් යානයෙන්  දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. දකුණු කොරියානු රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවී තිබේ.

ශ්‍රි ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා හිමිවන අතර, 2023 වර්ෂය තුලදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 6412 දෙනෙකු පිටත් කර යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. ඒ අනුව එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග එක් සතියකට කණ්ඩායම් කිහිපයක් පිටත් කිරීම ආරම්භ කරන ලදී.