මෙල්බර්න්හි නිවසක් අසල ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුවලකගේ සිරුරු හමුවෙයි

මෙල්බර්න්හි නිවසක් අසල ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුවලකගේ සිරුරු හමුවෙයි

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

එක් සිරුරක් යුවළට අයත් බවට පැවසෙන මෝටර් රථය තුළ සහ අනෙක් සිරුර ඒ ආසන්නයෙන් සොයා ගෙන තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළක් බව අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔවුන් වයස අවුරුදු 70-80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් නමැති යුවළක් බවයි.

ඔවුන්ගේ මරණයට හේතුව දැනගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටිය යුතු බව පොලීසිය පවසා තිබෙනවා.

මිය ගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25ක පමණ කාලයක් ජීවත්ව තිබුණා.