ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගෑරූ හොර දොස්තර දැලේ

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගෑරූ හොර දොස්තර දැලේ
  • විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් විකුණලා…

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ 07,විජේරාම මාවතේ පදිංචි සැකකරුකම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්මාර්ගයෙන් විදේශ රැකියා ලබා දිය හැකි බව පවසා ඇති අතර තමන් වෛද්‍යවරයකු බවදමොහු ප්‍රකාශ කර ඇත.මුදල් ලබාගැනීම සඳහා මොහු නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පුද්ගලයන් කැදවා තිබේ.

සැකකරු මෙසේ පුද්ගලයන් 9දෙනෙකුගෙන් රුපියල් 7,650,000ක් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙලි වී ඇති අතර මොහුට මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක්අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරු කොළඹ අංක 5, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 03වෙනිදා දක්වා රක්ශිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම ජාවාරම සඳහා සහය වූ මොහුගේ බිරිඳ විමර්ශන නිළධාරීන් මඟහරිමින් සැඟව සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මෙහෙය වනු ලබයි.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකාර මහතා ඉල්ලා සිටියි.එසේ මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ තොරුතුරු දන්නේ නම් ඒ පිළිබඳ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන මෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.