ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායලයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශයන්හි තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුමක් අත්සන් කිරීම පිණිස 2020-02-05 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, ගෘහස්ථ රැකවරණ; කෘෂිකර්මය; ඉදිකිරීම්; හෝටල්, ගෘහ පාලනය සහ පිරිසිදු කිරීමේ සේවා; නිෂ්පාදන සහ ආපන ශාලා යන අංශයන්හි රැකියා සඳහා බඳවාගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට (A, B, C, D, E හා F ප්‍රොටොකෝල) වරින් වර අත්සන් තබා ඇත. එම ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට ඊශ්‍රායල් රාජ්‍යය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, එම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකි වන පරිදි දෙපාර්ශ්වය අතර දැනටමත් අත්සන් තබා ඇති ගිවිසුම යටතේ 'G' ප්‍රොටොකෝලය අත්සන් තැබීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, එලෙස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදී ඇත.

