ඊශ්‍රායල් තනාපතිගෙන් ලාංකිකයින්ට FB පණිවිඩයක්

ඊශ්‍රායල් තනාපතිගෙන් ලාංකිකයින්ට FB පණිවිඩයක්

ඊශ්‍රායලයේ දැනට පවතින තත්ත්වය පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකික හිතවතුන් හා මාධ්‍ය දැඩි  අවධානයකින් යොමු කරන බැවින් පහත සදහන් කරුණු පිළිබඳව අවධාරණය කරමි.

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත  පසුගිය  රාත්‍රී (13/04/2024) ෂෙල්  හා මිසයිල ප්‍රහාර  300 කට වඩා  ඊශ්‍රායලය  ඉලක්ක කර එල්ලලා කර ඇතත් ඒ සියල්ල ගුවනේ  දී විනාශ කිරීමට ඊශ්‍රායල් Iron Dome පද්ධතිය සමත් වී තිබේ. කුඩා දැරියකට සිදුවූ තුවාලයක් හැරුණු විට ඊශ්‍රායලයේ කිසිඳු අයෙකුට මේ දක්වා අනතුරක් ඇතිවූ  බව වාර්තා  වී නැත.

Fly Dubai  ගුවන් සේවයට අයත් ඩුබායි සිට ටෙල්  අවිව්  දක්වා ධාවනය කරන ලද FZ  1625 දරන ගුවන් යානය  රාත්‍රී 20.10 ඩුබායි සිට ටෙල්  අවිව්  දක්වා ගමන් කරමින් තිබිය දී ගුවන් ප්‍රහාර පිළිබඳව තොරතුරු  අනාවරණය වීමත් සමඟම  ගුවන් යානය යළිත්  හරවා ඩුබායි බලා පියාසර කිට තිබේ.  එහි ඊශ්‍රායලය බලා පැමිණීමට  සිටි ශ්‍රී ලාංකිකයන් සිටි බවත් ඔවුන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කෙරෙමින් පවතී.

පවතින තත්ත්වය හමුවේ ජෝර්දානය ලෙබනනය  ඉරාකය ඊශ්‍රායලය  ආදී  රටවල් හරහා ගමන් ගන්න ගුවන් ගමන්, එම කලාපය මග හැර  නැවත වෙනත් මාර්ග ඔස්සේ යුරෝපයේ  බොහෝ රටවල් වෙත  ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමන් සඳහා ගතවන කාලය මෙන්ම ප්‍රවේශපත්‍ර ගාස්තු ද ඉහල ගොස් ඇත.  එම නිසා  මැද පෙරදිග කලාපයේ  හා යුරෝපීය  රටවල් සඳහා ගමන් කිරීමට ගුවන් ටිකට්පත් ලබාගෙන ඇති පිරිස තම ගුවන් ගමන් බලපත් නැවත පරික්ෂ කර ගන්න මෙන්  දන්වමි.

ඊශ්‍රායලයට පැමිණෙන හා  ඊශ්‍රායලයෙන් පිටත්ව යන ගුවන් යානාවල ප්‍රමාදයන් පවතී.

2024 අප්‍රේල් මස 13 වැනිදා ශ්‍රී ලාංකිකයන්  දෙදහසකගේ පමණ   සහභාගිත්වයෙන් ජෙරුසෙලම්  ගන්ශකර්   ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 9 දක්වා බක්මහ උළෙල  ඉතා සාර්ථකව පැවැත්වුණි. එහි පැමිණි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා බක්මහ  සැමරුමෙන් අනතුරුව  තම වාසස්ථාන කරා පිටත්ව ගොස් තිබුණි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා   තානාපති කාර්යාලය මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව   පිළිබඳව  නිරන්තර අවධානයෙන් පසුවන අතර  ඔවුන්ගේ ආරක්ෂාව  පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත්  දැන්වීමට කැමැත්තෙමි.