නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතේ නීතිමය බලපෑම?

නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතේ නීතිමය බලපෑම?

දැනට පවතින කම්කරු නීති යල්පැන ගිය ඒවා යැයි පවසමින් කම්කරු නීතියේ ප්‍රධාන පනත් 13 ක් එකතු කරගනිමින් තනි නීතියක් කම්කරුවන්ට මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුව හඳුන්වා දෙමින් සිටී. ඕනෑම නීතියක් කාලානුරූපීව සංශෝධනය කිරීම සිදු විය යුතු කරුණක් නමුත් එම නීතීන් සංශෝධනය වෙනුවට සම්පූර්ණයෙන්ම නව නීති අර්ථ නිරූපණය කිරීම යුක්ති යුක්ත නොවන්නේය.

එම කම්කරු නීතියට හඳුන්වාදී ඇති    පනත් 13   මෙසේය.

1.1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත

21941 අංක27 දරන පඩිපාලක සභා ආඥා පනත

3.1939 අංක 32 දරන මාතෘ ප්‍රතිලාභ ආඥා පනත

4.1956 අංක 47 දරන ළමයින්, කාන්තාවන් හා තරුණයින් පිළිබඳ පනත

5.1950 අංක 43 දරන කාර්මික හා ආරවුල් පනත

6.1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත  

7.1935 අංක14 දරන වෘත්තිය සමිති ආඥා පනත

8.1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත

9.1983 අංක12 දරන පාරිතෝෂික ගෙවීම් පනත

10.2005 අංක 36 36 දරණ අයවැය සහන දීමනා පනත

11.2016 අංක04 දරන අයවැය සහන දීමනා පනත

12.2016 අංක 03 දරන ජාතික අවම වේතන පනත

13.2021 අංක 28 දරන විශ්‍රාම ගැනීමේ අවම වයස පනත 

මෙම  පවත්නා  නීති රාමුව තුළ පවතින  නීති ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බවක් තිබෙන බව ශ්‍රම බලකාය විසින් පිළිගන්නා  ප්‍රබල  කාරණාවකි. එනම් නව නීති කෙතරම් හඳුන්වා දුන්නද එම නීති මගින්  සේවකයාගේ සේවක අයිතිවාසිකම්, ප්‍රතිලාභ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සෘණාත්මක බලපෑමක් වන්නේ නම් එම නීති ප්‍රතිපාදන ශ්‍රම බලකාය විසින් පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම වැලැක්විය නොහැකිය.

කම්කරු නීති ප්‍රතිසංස්කරණය  පනත් කෙටුම්පත පරිච්ඡේද 21  කින්  සමන්විත වේ. ඒ අනුව ඉහතින් සඳහන් කරන ලද ප්‍රධාන පනත් 13 එකට එකතු කර තනි පනතකින්  කම්කරු නීති  මාලාවක් හඳුන්වා දී ඇත. එනම් 01 පරිච්ඡේදය  සිට 21 වන පරිච්ඡේද දක්වා අන්තර්ගතය කෙසේද යන්න වගන්ති තුළින් කෙටි පැහැදිලි කිරීමක් කරන්නේමු.

I පරිච්ඡේදය- සේවකයෙකු සේවයට බඳවා ගැනීම්, සේවා ගිවිසුම හා සේවය අවසන් කිරීම

II. පරිච්ඡේදය- වීශ්‍රාම යාමේ අවම වයස

III. පරිච්ඡේදය- සේවා නියුක්ති කාල සීමාව හා විවේක කාලය පිළිබඳ විධිවිධාන

IV. පරිච්ඡේදය- නිවාඩු පිළිබඳ විධිවිධාන

V. පරිච්ඡේදය- වේතන ගෙවීම පිළිබඳ වේතන ගෙවීම පිළිබඳ හා ජාතික වේතන කවුන්සලය පිහිටවීම

VI.  පරිච්ඡේදය-පාරිතෝසික ගෙවීම

VII. පරිච්ඡේදය - සේවා නියුක්තිකයෙකු එම සේවා නියුක්තික්තිකයාගේ නිවසේ සිට සේවයේ නියුක්ත කිරීම

VIII.  පරිච්ඡේදය-විදේශික සේවා නියුක්තික යෙකු ශ්‍රී ලංකාවේ රැකියාවක නියුක්ත කිරීමට අදාළ විධිවිධාන

IX.  පරිච්ඡේදය-ප්‍රචණ්ඩත්වය හා ලිංගික හිංසනය තහනම් කිරීමේ විධිවිධාන

X. පරිච්ඡේදය-කාන්තාවන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමට අදාළ විධිවිධාන

      1. කාර්මික ව්‍යාපාරයක හෝ කර්මාන්තශාලාවක රාත්‍රී සේවයේ යෙදවීම

       2. කාර්මික ව්‍යාපාරයක හෝ කර්මාන්තශාලාවක කාන්තාවන් හා තරුණ අය අතිකාල සේවයේ නියුක්ත කිරීම

       3. කාර්මික ව්‍යාපාරයක හෝ කර්මාන්ත ශාලාවල සමුද්‍ර සේවයේ යෙදවීම

       4. කාර්මික ව්‍යාපාරයක හෝ කර්මාන්තශාලාවක සහ සමුද්‍ර සේවයේ නියුක්ත වීම හැර සෙසු ආකාරයට සේවයෙහි යෙදවීම

       5. සෑම අයුරින්ම සේවයේ යෙදවීමට අදාල විධිවිධාන

       6. සාමාන්‍ය කරුණු 

7.කාන්තාවන් හෝ තරුණ තැනැත්තන් කාර්මික ව්‍යාපාරයක හෝ කර්මාන්තශාලාවක හැර වෙනත් කර්මාන්තයක හැර සේවාවක රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ විධිවිධාන

XI- පරිච්ඡේදය- වෘත්තිය සමිති ලියාපදිංචි කිරීම නියාමනය කිරීම අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ විධිවිධාන

XII. පරිච්ඡේදය- වෘත්තිය සමිති ලියාපදිංචි කිරීම, නියාමනය කිරීම අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ විධිවිධාන

XII.-   පරිච්ඡේද- කාර්මික ආරවුල් විසඳීම හා සාමූහික ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳ විධිවිධාන

XIII. පරිච්ඡේදය - මිනිස් බල සැපයීමේ ආයතන හා රැකියා නියෝජිත ආයතන පිළිබඳ විධිවිධාන

XIV. පරිච්ඡේදය- වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍යය හා සුභසාධනය පිළිබඳ විධිවිධාන

XV. පරිච්ඡේදය- පොදු විධිවිධාන

XVI. පරිච්ඡේදය- ලේඛන පැවැත්වීමට අදාළ විධිවිධාන

XVII. පරිච්ඡේදය- ඇතුළුවීම් හා පරික්ෂා කිරීම් ආදි කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරීන් සතු බලතල

XVIII. පරිච්ඡේදය- වැරදි ක්‍රියාවන්

XIX. පරිච්ඡේදය- නියෝග

XX.පරිච්ඡේදය- අර්ථ නිරූපණය

XXI.- සමාප්තිය හා අන්තර් කාලීන විධිවිධාන

මීළඟට මෙම කම්කරු ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතේ සේවක සුභසාධනය, අයිතීන් ආරක්ෂාව කෙතරම් දුරට  ආවරණය වී ඇත්ද, එමගින් සේවා යෝජකයාගේ  හා සේවකයාගේ කාර්මික සබඳතාවය ට සිදුවී ඇති බලපෑම විමසා බැලිය යුතුය. යම් කම්කරු නීතියක් මගින් මෙම සබඳතාවයට එනම් කාර්මික සාමයට බාධාවක් වන්නේ නම් එම කම්කරු නීති හඳුන්වා දීම කම්කරු ව්‍යාපාරයට ප්‍රබල සේ බලපාන්නේය. එවිට කම්කරුවන් ඊට විරුද්ධවීම මෙම නීති හකුලා ගැනීමට බලපාන හේතුවකි.