දුම්රිය ස්ථානාධිපති සංගමය 100 වැනි සංවත්සර සමරයි

දුම්රිය ස්ථානාධිපති සංගමය 100 වැනි සංවත්සර සමරයි

මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 ක් සම්පූර්ණ විය .

එම සංගමයේ 100 වැනි සංවත්සර උත්සවය උත්කර්ෂවත් අයුරින් කොළඹ ප්‍රධාන හෝටලයකදී පැවැත්විණි.

1923 වර්ෂයේදී සිලෝන් රේල්වේ ස්ටේශන් මාස්ටර්ස් යූනියන් ලෙස ආරම්භ කළ එම වෘත්තීය සමිතිය පසුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර සියයක් පිරීම නිමිති කරගෙන වැඩසටහන් රැසක් පැවැත්වූ අතර බොරැල්ල දුම්රිය ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංගයක්, ක්‍රිකට් තරගාවලියක් සහ මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම එම වැඩසටහන් අතර විය. මෙරට පැරණිතම රාජ්‍ය සේවක වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සාමාජික සංඛ්‍යාව දහසකට අධිකය.

(lankadeepa)