ඔන්ලයින් පනතට එරෙහිව තවත් පෙත්සම් තුනක් (Video)

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා මාධ්‍ය නීති සංසදය විසින් පෙත්සම් තුන ඉදිරිපත් කරනු ලැබීය.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාව නම්කර තිබේ.