ගුරු සේවයට අලුතින් ගුරුවරු විශාල ප්‍රමාණයකට අවස්ථාවක්

ගුරු සේවයට අලුතින් ගුරුවරු විශාල ප්‍රමාණයකට අවස්ථාවක්

පෙර දැනුම මත අඛණ්ඩව යැපීමට කිසිදු වෘත්තිකයකුට නොහැකි බවත් යාවත්කාලීන දැනුම ඔස්සේ හෙට වෙන දේ අද දැනගැනීම මගින් මෙරට ඉදිරි වෘත්තීය ක්ෂේත්‍රයට සරිලන අධ්‍යාපනයක් ලබා දීමේ දී සන්ධාන භාෂාව වශයෙන් ඉතා වැදගත් වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පන්ති කාමරය තුළ සිසුන්ට සිය මුල් ම පාසල් දිනයේ සිට සබකෝලයකින් හා චකිතයකින් තොර ව හැසරවීමේ ප්‍රායෝගික කථන පුහුණුවක් ලබා දීම සිය අපේක්ෂාව බවත් ඊට අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වන විට‍ පුහුණු කර අවසන් බවත්  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ගංගොඩවිල සමුද්‍රදේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අද පැවති 1 ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹීමේ සමාරම්භක වැඩසටහනට එක් වෙමිනි.