සිල්වෙස්ර් ජයකොඩි සහෝදරයාගේ `සිල්වෙස්ටර් මතක සේයා` ඡායාරූප ප්‍රදර්ශනය 15 දින CMU ශාලාවේ දී

sivestor-jayakody

කුණ්ඩන්මාල්ස් කම්කරු අරගලයෙන් වෘත්තීය සමිති සටන් බිමට පිවිස, අඩසියවසක් කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ [CMU] හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාගේ ජායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.

`සිල්වෙස්ටර් මතක සේයා` නම් මෙම ජායාරූප දැක්මේ දී ජයකොඩි සහෝදරයාගේ කැමරා කාචයේ සටහන් වූ කම්කරු පීඩිතයන්ගේ වෙරවීරිය මෙන්ම ඛේදවාචකය ද පිළිබිඹු කරනු ඇත.

සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයා බලා තම්පෝ සහෝදරයාගේ අභාවයනේ පසුව CMUබර කරට ගෙන කටයුතු කරමින් සිටි අවස්ථාවේ හදිසි අසනීප තත්ත්වයක් මත දැනට විවේකයෙකයෙක් කාලය ගත කරමින් සිටී.