1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

epf-etf-sri-lanka

විශ්‍රාම වැටුපකට හිමිකමක් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත හඳුන්වා දී ඇත.

ඒ අනුව, එකී පනත සම්බන්ධයෙන් වන සාමාන්‍ය පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා‌ යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරනු ලැබේ. කාලීනව පනතේ ඇතැම් ප්‍රතිපාදන වරින්වර සංශෝධනය කරනු ලැබුවද වර්තමාන සමාජ, ආර්ථික සහ තාක්ෂණික වෙනස්වීම්වලට අනුරූපව එම අරමුදලේ සාමාජිකයින් මුහුණ දෙන දුෂ්කරතා අවම කරගනිමින් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් සැලසීම සඳහා තවදුරටත් එකී පනත සංශෝධනය කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී මූලික කෙටුම්පත පදනම් කරගනිමින් සේවක අර්ධසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත දී ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image