වෛද්‍ය සභාවේ කිහිප දෙනෙකු පමණක් වරදකරුවන් කරවීම කැකිල්ලේ තීන්දුවක්

වෛද්‍ය සභාවේ කිහිප දෙනෙකු පමණක් වරදකරුවන් කරවීම කැකිල්ලේ තීන්දුවක්

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නොවැම්බර් මස 27 වෙනිදා නිකුත් කල ලිපිය මඟින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම බලපෑම්වලට නතු වෙලා ගත්තු අතිශය වැරදි තීන්දුවක්. කාගේ බලපෑමට මේ කටයුත්ත සිදු කලත් ඉතිහාසගත වෙන්නේ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍ය වරිය බව ඇය සිහි තබා ගත යුතුයි.

වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත්කිරීමේ බලතල සෞඛ්‍ය අමාත්‍යවරයා සතු වුවත්, සභාපතිවරයෙක් ඉවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට බලයක් නෑ. ඒ සදහා ඒකපාර්ශවික කමිටුවක් පත් කිරීම මගින් ඇයගේ ඊනියා උපදේශකයින් නීතිය නැවීමට උත්සාහ කරලා තියනවා.

ඉවත් කල කණඩායම 100% වරද කරුවන් වුවත්, වෛද්‍ය පනතට හා රටේ සෞඛ්‍ය නීතියට අනූව, ඔවුන්ව ඉවත් කිරීමේ නිත්‍යාණුකූල ක්‍රමවේදයක් තියනවා. වෛද්‍ය සභාවේ වරදකට කොහොමද එහි කිහිප දෙනෙකු පමණක් ව්‍ර්ද කරුවන් වෙන්නේ. ඒක කැකිල්ලේ තීන්දුවක්. ඉවත් කරනවානම් සියළු දෙනා වරදකරුවන් විය යුතුයි. තීන්දු අරගෙන තියෙන්නේ සියළු දෙනාගේ අනුමැතිය සහිතවයි

මේ විදිහට සාමාන්‍ය ලිපියකින් වෛද්‍ය සභාවේ තෝරාගත් සාමාජිකයින් කිහිප දෙනෙකු නෙරපීම, පැහැදිළි ලෙසම බලය ඉක්මවා යෑමක්. කවුරුන් හෝ ඇයව නොමග යවා ඇති බවක් හෝ බලපෑම් කර අයව බිය ගන්වා තීන්දු ගන්නවාද යන සැකයක් අපට තියනවා.

වෛද්‍ය සභාවේ සභාපති වරුන් සමග ප්‍රතිපත්තිමය ගැටුම් තිබෙන සෞඛ්‍ය ඇමති වරුන් ඕනෑ තරම් ඉතිහාසය තුල ඉදලා තියනවා. ඒත් නිල කාලය අවසන් වනතුරු සේවයෙන් නෙරපලා නැහැ.

ආණ්ඩු වෙනස් වූ පලියට වෛද්‍ය සභාවේ සභාපතිවරු වෙනස් කිරීම මගින් වෛද්‍ය සභාව දේශපාළනීකරණය වෙනවා. වෛද්‍ය සභාව කියන්නේ ස්වාධීනව තියෙන්න ඕනේ ආයතනයක්. වෛද්‍ය වරු ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් පහලොවකට පමණ එහි තීන්දු බලපානවා. ඊට අදාල වෘත්තීන් කිසිවක් සමග හෝ සාකච්චා නොකොට මෙවන් තීන්දු ගැනීම මගින්, වෛද්‍ය සභාවේ තීන්දු පිළිබදව ඇති විශ්වාසය බරපතල ලෙස පළුදු වෙනවා.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය