ගාල්ලේ වෛද්‍යවරු වර්ජනයකට සූදානමක්

ගාල්ලේ වෛද්‍යවරු වර්ජනයකට සූදානමක්

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනිදා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැණුවත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වෙත ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්.
 
මෙලෙස වැඩ වර්ජනයකට අවතීරණය වීමට මූලික වී ඇත්තේ ගාල්ල මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය කරන මානව ,භෞතික, තාක්ෂණික සම්පත් මෙතෙක් ලබා නොදීම නිසා කෝවිඩ් මර්දන කටයුතු අඩාල වීම බවයි වාර්තා වෙන්නේ.
 
ගාල්ල මහ නගර සභාවේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්මන් ද සිල්වා මහතාට එහි උප නගරාධිපති ෆවුස්නියාස් මහතා විසින් ඉකුත් මස 23 වැනි දින බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මත එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි.
 
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතට සහ අදාල වගකිවයුත්තන් වෙත ද පිටපත් එම ලිපියේ යොමුකර ඇත.
 
මෙම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල පීසීආර් පරීක්ෂණ අඩාල වීම හේතුවෙන් ඔවුන් රෝග වාහකයන් බව සලකා සෙසු ජනයා මොවුන්ගේ ව්‍යාපාරවලින් භාණ්ඩ ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හේතුවෙන් එය ජාතිවාදී තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව ත්ය.