බස් වර්ජනයකට යනවද? නැත්ද? තීරණාත්මක සාකච්ඡාව අද

බස් වර්ජනයකට යනවද? නැත්ද? තීරණාත්මක සාකච්ඡාව අද
බස් හිමියන්ගේ වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර විශේෂ සාකච්ඡාවක්  අද දිනයේ පැවැත්වීමට නියමිත අතර එහිදී ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවයි.
 
පෞද්ගලික බස් රථවල ලීසිං පොලි අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් හෙට බස් රථ ධාවනයෙන් ඉවත් වන බවට මින් ඉහතදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් තීරණය කර තිබූ අතර මෙම සාකඡාවෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කර බවත් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.