දුම්රියේ යන එන මඟීන්ට විශේෂ දැනුම්දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු නිසි පරිදි සම්පූර්ණ වී නොමැති වීම හේතුවෙන් එළැඹෙන සතිය තුළ දිවයින පුරා දුම්රිය ධාවනය අඩාල වීමේ අවදානමක් මතුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙයි.
 
මේ සම්නන්ධයෙන් අදහස් දක්වමින් සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දෙන්නේ මේවනවිට දුම්රිය ස්ථාන කණිෂ්ඨ කාර්ය මණ්ඩල පුරප්පාඩු 4000කට ආසන්න ප්‍රමාණයක්, දුම්රිය ස්ථානාධිපතිවරු 250ක පුරප්පාඩුවක් පවතින බවයි. මෙම පුරප්පාඩු පිරවීමට මේවනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
එම හේතුවෙන් දිගින් දිගටම මේ තත්ත්වය පැවැතීම නිසා ඉදිරි දින කිහිපය පුරා දුම්රිය ධාවනය අඩාලවීම්, ප්‍රමාදවීම් හා අවලංගු වීම් සිදුවීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් මගී ජනතාව දැනුවත් කරමින් පවතින තත්ත්වය පිළිබඳව දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.