ඔබ අභ්‍යාසලාභී උපාධිධාරියෙක්ද?මේ වැදගත් නිවේදනය ඔබටයි

ඔබ අභ්‍යාසලාභී උපාධිධාරියෙක්ද?මේ වැදගත් නිවේදනය ඔබටයි
 
2020 වර්ෂයේ සැප්තැම්බර් මස උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරිනියන්ට හිමි ප්‍රසූත නිවාඩු කප්පාදුව සම්බන්ධයෙන්  දිගින් දිගටම අරගල දියත්කළ අතර අදවනවිට මේ ගැටළුව සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සිය දායකත්වය අඛණ්ඩව ලබා දෙමින් ප්‍රසූත නිවාඩු කප්පාදුව වළක්වා ගැනීමට කටයුතු කරමින් සිටී.
 
මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය පහත පරිදි කරුණු කාරණා සඳහන්  කර තිබූ අතර එහි වැදගත්ම සඳහන වූයේ අපි සටන ඇතෑරලා නෑ....ප්‍රසූත නිවාඩු කප්පාදුව ගැන ආණ්ඩුවේ ඉහළ බලධාරීන් වෙත කියන්න යන්න සූදානම් අය අපට කතා කරන්න...යනුවෙනි.
 
ඔබත් රාජ්‍ය සේවයට එක්වූ අභ්‍යාසලාභී උපාධිධාරිනියක නම් මේ දැනුවත් කිරීම මෙන්ම ඔබේ දායකත්වයද මේ සඳහා ලබා දෙන්න....
 
 
අපි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය ලෙස සැප්තැම්බර් 9 මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දානවා. ඒ වගේම අඛණ්ඩ අරගලයක් මේ වෙනුවෙන් ගත්ත. කියන්ම කණගාටුයි එක උපාධිධාරී අම්මා කෙනෙක් , තාත්තා කෙනෙක් ඒවට සහායට ආවෙ නෑ. නඩුවක් දාන්න සූදානම් උනා. එක්කෙනෙක් ඉදිරිපත් උනෙ නෑ. මුදලක් එකතු කළා. ලැබුනෙ 3700ක්. ඒ උපාධිධාරීන් 46000ක්ගෙන්.
 
නමුත් අපි අරගලය ඇතෑරියෙ නෑ. වෘත්තීය සමිති එකතු කරන් බහුජන වැඩක් කළා. අවසානෙ රාජ්ය සේවා , පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා අමාත්යාංශය ලේකම් වෙත පසුගිය වසරෙ දෙසැම්බර් 24 ලිපියක් මගින් දන්වලා තිබුණා දින 84 ලබාදීමට අදාළ කැබිනට් පත්රිකාව හදලා දාන්න කියලා. නමුත් අදටත් ලේකම් නිහඬයි. අදටත් සති 6යි. පෙබරවාරි 1 බඳවාගත් අයටත් එහෙමයි.
 
අපි සටන ඇතෑරලා නෑ.
 
ප්රසූත නිවාඩු කප්පාදුව ගැන ආණ්ඩුවේ ඉහළ බලධාරීන් වෙත කියන්න යන්න සූදානම් අය අපට කතා කරන්න.
071 4 176 030 / 077 9 663 856
මේ අවසාන උත්සාහය ...

ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය