දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනය අරඹයි

දුම්රිය ස්ථානාධිපතිවරු  වැඩ වර්ජනය අරඹයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය සේවක පුරප්පාඩු පිරවීමට බලධාරීන් මෙතෙක් නිසි පියවරක් නොගැනීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර රාජකාරීවලින් ඉවත්වීමට  තීරණය කර තිබේ.

කණිෂ්ඨ කාර්යය මණ්ඩල හිඟයට පිළියම් ලබා දීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත් තම ඉල්ලීම් වලට විසදුම් ලබාදෙන තෙක් අඛණ්ඩවවෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසෙකර මහතා සඳහන් කළේය.
 
කෙසේ වෙතත් දුම්රිය සේවක පුරප්පාඩු පිරවීමට බලධාරීන් කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වුවද පසුබට නොවන බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගම් ශාලාවේදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් වී ඇත්තේ.
 
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් හා අවලංගුවීම් සිදුවිය හැකි බවත් එහි වගකීම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුලු බලධාරීන් විසින් බාරගත යුතු බවත් ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.